Saturday, January 31, 2026
Follow Us
සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටුණු අයෙකුට බරපතළ තුවාල

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අයත් ජීප් රථයක ගැටුණු පාපැදිකරුවෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

ඊයේ (15) පුත්තලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ පාපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු බරපතළ තත්වයේ පසුවීම නිසා කුරුණෑගල ශික්ෂණ රෝහල කරා මාරුකර යවා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව්දරු පියකු බවත් වාර්තා විය.

lnw