මේ මොහොතේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට කිසිඳු හදිස්සියක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.
නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ මේ මොහොතේ මැතිවරණයක් කැඳවිය හැක්කේ 2021 වසරට අදාළ ඡන්දි හිමි නාමලේඛනයට අනුව බවයි. එසේවුවහොත් තරුණයින් ලක්ෂ දෙකහමාරකට පමණ ඡන්ද අයිතිය අහිමි වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේ.
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් නෙත් නිවුස් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කළේ, කඩිනම් මැතිවරණයක් අවශ්‍ය බවට විපක්ෂයේ දේශපාලඥයින් දිගින් දිගටම සිදු කරන ප්‍රකාශ හේතුවෙන්. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට ඇති බාධා මොනවාද? මේ, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා.
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පැවසුවේ. එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බව ප්‍රකාශ කෙරුණා.
Neth