Saturday, January 31, 2026
Follow Us
මෛත්‍රීට සහ දයාසිරිට නොතීසි

පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය දුන් නියෝගය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර වෙත කොළඹ දිසා අධිකරණය අද ( 13) නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වන දා කරුණු දක්වන ලෙස දන්වමිනි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

Aruna