Saturday, January 31, 2026
Follow Us
සනත් නිශාන්තට වරෙන්තු නිකුත් කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණා.

එහෙත් සනත් නිශාන්ත මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත මෙම වරෙන්තුව නිකුත් කළා.

මේ අවස්ථාව වනවිට සනත් නිශාන්ත මහතා අධිකරණයට පැමිණ තිබෙනවා

Neth