Saturday, January 31, 2026
Follow Us
ජාතික සභාව පත් කළ අනුකමිටු දෙකේ පළමු රැස්වීම අදයි

ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනුකමිටු දෙක පළමුවරට අද රැස් වෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එම කමිටු දෙක සදහා සාමාජිකයන් පත් කිරීම ඊයේ සිදු කෙරුණා.

කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම සදහා වන අනුකමිටුවට වජිර අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙක් අයත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන අනුකමිටුවට වජිර අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් අයත්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ දෙවන රැස්වීම පැවැත්වුණේ ඊයේ දිනයේදීයි. එම ජාතික සභාවේ පළමු රැස්වීමේදී මෙම අනුකමිටු දෙක පත් කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව ඊයේ දිනයේ අදාළ කමිටු දෙක සදහා මන්ත්‍රීවරුන් පත් කෙරුණේ.

NEth