Saturday, January 31, 2026
Follow Us
හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළවයි. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

සිරිල් ගාමිණි පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත්වූ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝම්බර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා ඉකුත් දා සිතාසි නිකුත් කළා.

Neth