Saturday, January 31, 2026
Follow Us
වසර 12ක බදු සහන ලබාදීමේ යෝජනාවක් විසිවෙයි

අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදය ගැනීමට නියමිතව තිබුණු 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයක පළ කළ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාව සිය අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂනයක් ලබා නොදීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිලාවගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය එළඹ තිබෙනවා.

මෙරට ආයෝජන සිදු කරන සමාගමකට වසර 12ක බදු සහන ලබාදීම සදහා ඉදිරිපත් කර තිබූ එම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභය සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩල නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා. එහිදී ඊට අදාළ ප්‍රමාණවත් තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩල නිලධාරින් අපොහොසත් වී ඇති බවයි වාර්තා වුණේ.

Neth