Saturday, January 31, 2026
Follow Us
ඔය පාර්ලිමේන්තුවේ බත් එක කාපු එකා එතනින් එහාට යන්නේ නැහැ – වෙල්ගම

ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වුවද ඔහු දැන් පොහොට්ටුවේ සිරකරුවෙකු බවට පත්ව සිටින බවයි වෙල්ගම මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ඉදිරියේදී අවංකව පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින අතර පාර්ලිමේන්තුවේ බත් එක කෑ කෙනා එතනින් එහාට නොයන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

LNW