Saturday, January 31, 2026
Follow Us
නිසි පරිදි බදු නොගෙවූ පිරිසකගේ ලේඛනයක් එළියට

මහින්දානන්දගේන් අරුණ වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක්


නිසි පරිදි බදු නොගෙවූ පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හෙළි කරන බව පවසනවා.

අරුණ වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා දේශීය ආදායම් සහ දුම්වැටි හා මධ්‍යසාර පිළිබදව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, දේශීය ආදායම් – සුරාබදු – රේගු දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් කැඳවා අද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මෙම කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සති 02 ඇතුළත ලබා දෙන ලෙස එහිදී දැනුම් දී තිබේ.

වැඩබලන මුදල් අමාත්‍යවරයා එම වාර්තාව මසක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කලේ.

Aruna