හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය හමුවේ 12 අධිචෝදනා කියවාදී තිබෙනවා. ඒ, 2019 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. චෝදනා කියවා දීමෙන් පසු එම නඩුවේ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමි යන අය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
Neth