නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් වන මූලික යෝජනාවලියක් අවශ්‍ය වන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි මූලික එකඟතාවකින් තොරව ජනමත විචාරණයක් පැවැත්වීම පවා ප්‍රායෝගික නොවන බවයි.
නව මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මාස 06 ක කාලයක් ලබාදෙන බවත්, එය ඉටු නොවන්නේ නම් තමන් ජනමත විචාරණයකට ගොස් ජනතා මතය විමසන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.
Neth