Sunday, February 01, 2026
Follow Us
රාජපක්ෂවරු හොරකම් කරනවා කියලා විශ්වාස කරන්නේ රට ගැන නොදන්නා අය – සාගර

පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මේ අවස්ථාවේදී නම් රාජපක්ෂවරු හොරකම් කරනවා කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ. විශ්වාස කරනවා නම් ඔහු රට ගැන දැනුමක් නැති, දේශපාලනය ගැන දැනුමක් නැති, රාජ්‍ය පාලනය ගැන දැනුමක් නැති පුද්ගලයෙක්. මොකද මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත රාජපක්ෂවරුන්ට කවුරුවත් හොරකම් ගැන චෝදනාවක් එල්ල වෙලා තිබ්බෙ නෑ. පහුගිය කාලෙ චෝදනා තිබුණෙ වෙනත් ආකාරයේ චෝදනා. මෙවර රජයේ රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිදු, එකදු හෝ චෝදනාවක්වත් ඉදිරිපත් වෙලා නෑ. පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අදටත් පක්ෂයත් එක්ක ශක්තිමත්ව ඉන්නවා. ඒ ශක්තියත් සමග පක්ෂය කිසිදු ප්‍රශ්නයක් නැතිව ඉදිරියට යනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අතරතුර ඊයේ (11) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW