ජනතාවට ජීවත් වීම සඳහා අවම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පසුබිමක් තුළ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් පවසනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් හිමිවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ඒ අනුව ඔවුන්ගෙන් තිදෙනෙකුට රජය මඟින් වාහන 03 ක් ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් පැවසුවා. මහනුවර, කටුගස්තොට පැවති නිදහස් ජනතා සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එහිදී අදහස් පළ කළා.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ වසන්ත යාපාබණ්ඩාර, නීතීඥ උදයන කිරිඳිගොඩ විසින් මෙම නියෝජිත සම්මේලනය සංවිධාන කර තිබුණා. ඊට මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, නීතීඥ ඩිලාන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Neth