Sunday, February 01, 2026
Follow Us
අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවේ - මන්ත්‍රී කුමාර වෙල්ගම

අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් භාරගන්නේදැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.

අවශ්‍ය වන්නේ නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රවාහන අමාත්‍ය ධූරය තමන්ට ලබාගැනීමේ හැකියාව පවතින බවද නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙහිදී ප්‍රකාශ කළා.

Neth