Sunday, February 01, 2026
Follow Us
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 කට ආසන්න පිරිසක් දිවුරුම්දීම අද

වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 9 යි 15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.

09 යි 30 ට පමණ මෙම රාජ්‍ය හා නියෝජ්‍යය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම ආරම්භවීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
අද දිනයේ දිවුරුම් දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊයේ සාකච්ඡාවක නිරතවූ බව ද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම මන්ත්‍රීවරුන් වෙත අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත්තේ.

Neth