නව දේශපාලන මාවතක් සොයමින් සිටින ජනතාව වෙනුවෙන් උත්තර ලංකා සභාගය පිහිට වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එහි පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුවේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළා.
Neth