Sunday, February 01, 2026
Follow Us
ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කරනවා – සජිත්

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කොට ඇති බවත්, එය දරාගත නොහැකි තරමට ජනතාව පත්ව ඇති බවත්, එහෙත් සියල්ල මැද ආණ්ඩුව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ බදු උපයෝගී කරගනිමින් ඇමතිවරුන්ට සහන සැලසීමටත්, පසුගිය දිනවල හානි සිදු වුණු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නටත් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරගත් එකගතා ගිවිසුම රටේ ජනතාව දැනගත යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා හොර රහසේ අත්සන් කරන ගිවිසුම්වලට රටේ ජනතාවට වන්දි ගෙවිය නොහැකි යැයිද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථක වූයේ තනි පුද්ගල තීන්දු මත අතකොලු බවට පත්වෙමින් කටයුතු කිරීම නිසා බවත්, වර්තමානයේත් එය ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

LNW