සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. එම පනත් කෙටුම්පත විවාදයකින් තොරව ඊයේ දිනයේ සම්මත කර ගැනීමටයි මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබුණේ.
කෙසේවෙතත් එම පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කර ඇති බැවින් එය සම්මත කර ගැනීම සදහා විවාදයක් අවශ්‍ය බව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් සමාජ ආරක්‍ෂණ දායකත්වය බද්ද 2022 අයවැය මගින් හදුන්වා දුන්නා.
වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් එම බද්ධ අය කෙරෙනවා.
Neth