Sunday, February 01, 2026
Follow Us
ආර්ථික සංවර්ධනයට අදාළ ඇමතිකමක් ලැබෙනවා නම් භාරගන්න සූදානම් – ධම්මික

ආර්ථික සංවර්ධනයට අදාළ වගකීම් සහිත අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“මම කලින් ඇමති ධුරය දැරුවේ දවස් 16යි. ඒ දවස් 16න් වැඩ කරන්න තිබුණේ දවස් 10යි. ඒ දවස් 10දී මම කලින් කියපු මාස දෙකක වැඩ කළා. මම සාමාන්‍යයෙන් කොහෙට ගියත් පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙවෙයි නේ. ඒ කියන්නෙ අපි නායකයො නම් අපට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනෙ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනෙ දැක්මක් මෙන්න මේ විදියට තමා වැඩ කරන්නේ කියලා. අපට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ, ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනෙ.

දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නෙ, මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න දෙනවා නම් මම ආයෙ ආණ්ඩුවේ ඇමති ධුරයක් ගන්නවා. නැතුව මට නිකම් ඇමති ධුරයක් දුන්නාට වැඩක් නෑ, ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික සංවර්ධන කියන කෑල්ල දාලා දෙන්න ඕනෙ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නෙ”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

LNW