සජිත් බැනර් උස්සං ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය අද(29) පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර පිවිසුමේ දී විරෝධතාවක නිරත විය.
එලෙස විරෝධතාවයක නිරත වූයේ විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිවයි.
බැනර් ප්‍රදර්ශනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවට එක්ව තිබේ.
පාර්ලිමේන්තුව ආරම්භවීමට ප්‍රථම අද පෙරවරුවේ පැවති එම විරෝධතාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කර සිටියේ සර්වපාක්ෂික
ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරනු ලබන්නේ නොරොච්චේලේ ගල් අඟුරු බලාගාර වංචාව හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට ද යන්නයි.
Aruna