Sunday, February 01, 2026
Follow Us
නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් බිහිවන අළුත් ආණ්ඩුවක් ගැන මෛත්‍රීගෙන් ඉගියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් වාමාංෂික පක්ෂ සමග එක්ව සන්ධානයක් ගොඩනගා ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් අනුමැතිය ලබාදී නොමැති බව ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ මහරගම පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීමේදීයි.

Neth