ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් වාමාංෂික පක්ෂ සමග එක්ව සන්ධානයක් ගොඩනගා ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් අනුමැතිය ලබාදී නොමැති බව ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ මහරගම පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීමේදීයි.
Neth