Sunday, February 01, 2026
Follow Us
පොහොට්ටුවේ ඇමතිවරු ජනපතිගෙන් කළ ඉල්ලීම

ජනපති සහ පොහොට්ටුවේ ඇමතිවරු අතර හමුවක්


සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම තවදුරටත් කල් යන්නේ නම්, කඩිනමින් රාජ්‍ය අමාත්‍ය ධූර පත් කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති හමුවකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ ය.

Aruna