Friday, February 06, 2026
Follow Us
රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයට කඩා පැන්න 07දෙනෙක් අල්ලයි


රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත භාරවී තිබේ.

23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍.

(Aruna)