Friday, February 06, 2026
Follow Us
මිනිස්සු ඇඳුම් ගන්න, පෝට්සිටිය බලන්න එහෙමත් පෝලිමේ ඉන්නවා. ඒවාටත් මයික් අල්ලන්න – රෝහිත

රටේ ප්‍රශ්න ඇතත් ජනතාව කොළඹ වරාය නගරය බලා විනෝද වීමට සහ ඇඳුම් මිලදී ගැනීමටත් පෝලිම්වල සිටින බවත් මාධ්‍ය විසින් පෙන්වන්නේ ගෑස් පෝලිම් පමණක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

”ප්‍රශ්න තියෙනවා, නැත්තෙ නෑ. ගෑස් එක ප්‍රශ්නයක්, අපි පිළිගන්නවා. එතකොට ඩොලර් අර්බුදය ප්‍රශ්නයක්. එක සංචාරකයෙක් ආවෙ නෑ අවුරුදු දෙකක්. හැබැයි ඒ පෝලිම් පෙන්නනවා වගේම මං මේ ළඟදි කිව්වා මාධ්‍යයට අනේ එන්නකො අර කොළඹ වරාය නගරය ඇරියාම කිලෝමීටර් දෙකහමාරක් පෝලිම තිබුණා. මං කිව්වා ඒ පෝලිමත් පෙන්නන්නකො. මිනිස්සු ඇඳුම් ගන්න යන්න පෝලිමේ ආවා, ඉතිං ඒකටත් අල්ලන්න එපැයි අර මයික් එක අරන් ගිහින්”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති රැස්වීමක් අමතමිනි.

(LNW)