Saturday, February 07, 2026
Follow Us
බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී

රටේ ආර්ථික තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම රැස්වීම පැවැත්වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර මීට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් එක්ව සිටියහ.

ආහාර සුරක්ෂිතතාව, දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය, දේශීය නිෂ්පාදන වැඩිකිරීම, ආයෝජන වැඩිකර ගැනීම සහ අපනයන වැඩිකිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගෙන ඇති බව සඳහන්.

එසේම සංවර්ධන ව්‍යාපෘති නිසි කලට නිමකිරීම සහ කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු බව වාර්තා විය.

(LNW)