යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අදාල ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී විවෘත සාකච්ඡාවකට යා හැකි බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් එම ගිවිසුමේ පිටපතක් ඊයේ පැවති අයවැය විවාදයේ අවසන් දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කළා.
ඊයේ පස්වරුවේ පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතිවරුන් රැසකගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ අදාල ගිවිසුමේ ඇතුළත් කරුණු පිළිබඳ විශේෂයෙන් සොයා බැලීමක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක එහිදී කියා සිටියේ බොහෝ අමාත්‍යවරුන්ද ගිවිසුමේ පිටපත් තමන්ගෙන් ඉල්ලා ඇති බවයි.
(Neth)