Saturday, February 07, 2026
Follow Us
ආණ්ඩුවේ කෘතීම තුනෙන් දෙක මහපොළවේ නෑ. හැකි නම් පුංචි ඡන්දය තියන්න - මරික්කාර්ගෙන් අභියෝගයක්

ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යන කෘතීම තුනෙන් දෙකේ බලය ඔවුන්ට මහපොළවේ නොමැති බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හැකි නම් නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කළේය.

"පහුගිය කාලෙ ගත්තු ණය නිසා තමයි අද මේ ගැටේ හිරවෙලා තියෙන්නෙ. අද ණය වාරික ගෙවාගන්න බැරිවෙලා තියෙන්නෙ සත පහක ආදායමක් එන්නැති ව්‍යාපෘති වලට අධික පොළියට ණය ගෙනල්ලා ඒ ණය ගෙවාගන්න බෑ වගේම නැවත වතාවක් මේ අවුරුදු දෙකක කාලය තුළත් අධික පොළියට ණය අරගෙන කරපු වැඩක් නෑ. කරපු වැඩ කියන්නෑ. බොරු කයිය ගහගෙන නිකම් මඩ ගහන තැනක් බවට පාර්ලිමේන්තුව පත්කරන්න හදනවා.

මේ කොහොම කයිය ගැහුවත් මේ පාර්ලිමේන්තුවෙ තියෙන කෘතිම තුනෙන් දෙක මහපොළවෙ නෑ. පුළුවන් නම් ඡන්දෙ තියන්නකෝ. පෙබරවාරි 09 වෙනිදාට පළාත් පාලන ආයතනවල කාලෙ ඉවර වෙනවා. ඔය විදියට කළා නම්, මහපොළවෙ මිනිස්සුන්ගෙ ආදරය තියෙනවා නම් අවුරුද්දක් දික් කරන්නෙ නැතුව ඡන්දෙ තියන්නකෝ. බැසිල් මහත්තයාට කියන්න නායකත්වය දෙන්න කියලා"

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

(LNW)