Saturday, February 07, 2026
Follow Us
ගැටුම් එපා - සන්ධානගතව ඉදිරියට යමු - අගමැති මහින්ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට කියයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විසඳා ගනිමින් සන්ධානයක් ලෙස සියලුදෙනා ඉදිරියටත් එක්ව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. මෙම රැස්වීමෙන් අනතුරුව එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ උත්සව සමයේ රට වැසීමේ කිසිඳු සූදානමක් නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Neth)