Sunday, April 12, 2026
Follow Us
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අද දිවුරුම් දෙයි

කලුතර දිස්ත්‍රික්කයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කලුතර දිස්ත්‍රික්කයට තරඟ කළ මංජු ලලිත් වර්ණකුමාර මනාප ඡන්ද 46,542 ක් ලබා ගත්තා.

(Neth)