Sunday, February 08, 2026
Follow Us
මීළඟ මහමැතිවරණයට මම තරග කරනවා - දහම් සිරිසේන

මීළඟ මහමැතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තමන් තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සමග එක්වෙමිනි.

මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ද දහම් සිරිසේන මහතාය.

(LNW)