Monday, February 09, 2026
Follow Us
හෙට අනිද්දා වෙද්දී කන්න නෙවෙයි වෙන්නේ ලෙවකන්න - හෙක්ටර්

හදිසි නීතිය ගෙනවිත් සහල් මිල පාලනය කරන බව කියූ ආණ්ඩුවක අවසානයේ හාල් මුදලාලිලා,කිරිපිටි මුදලාලිලා,පාන්පිටි මුදලාලිලා,සිමෙන්ති මුදලාලිලා දැන් මිල තීරණය කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

හදිසි නීතියෙන් සිදුවූයේ ආරක්ෂක හමුදාවල ගෞරවය කෙළෙසීම බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියේදී ඉන්දන මිලත් වැඩි කෙරෙන අතර සෑම භාණ්ඩයකම මිල වැඩි වී තිබෙන බවත් ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී ජනතාවට සිදුවන්නේ කන්න නොව ලෙවකන්න බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

(LNW)