Monday, February 09, 2026
Follow Us
ආණ්ඩුවේ ගැසට් රිවස් කිරීම ගැන ඇමති ජොන්ස්ටන්ගෙන් අපූරු විග්‍රහයක් ....

වත්මන් රජය යනු ඉතාම සංවේදී රජයක් බවත් මේ රජය ගත් ඕනෑම තීන්දුවක් ආපසු හැරවිය යුතු නම් ඊට පසුබට නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

"අපි බොහොම සංවේදී ආණ්ඩුවක්. අපි විවිධ තීන්දු ගත්තා. විවිධ ගැසට් දැම්මා. ඒ ගැසට් දාලා ඒවා ආපහු අයින් කරගත්තා. ඊට හේතුව අපේ ආණ්ඩුව සංවේදී ආණ්ඩුවක්. මේක ඒකාධිපති ආණ්ඩුවක් නෙවෙයි. හැබැයි අපට කවදාහරි තීන්දු කරන්න වුණොත් ඕනෙම තීන්දුවක් අපි ගත්ත ආපස්සට හරවන්න, ඕනෙම තීන්දුවක් අපි ආපස්සට හරවන්න පසුබට වෙන ආණ්ඩුවක් නෙවෙයි. ඇයි විපක්ෂය ඇවිල්ලා මේක හරවන්නද ?"

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)