Monday, February 09, 2026
Follow Us
කෘෂිකර්මාන්තය ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට පත් ව ඇතැයි හිටපු ජනපති මෛත්‍රි කියයි

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පවතින තත්ත්වය අනුව තමන්ටද පොළොන්නරුව වෙත යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21වන ගුණ අනුස්මරණ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

(Neth)