Monday, February 09, 2026
Follow Us
රිෂාඩ් බදියුදීන් නිදහස් කරන්නැයි ඉල්ලා විපක්ෂය කතානායකවරයා වෙත ලිපියක්

රිෂාඩ් බදියුදීන් නිදහස් කරන්නැයි ඉල්ලා විපක්ෂය කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා.

ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි ඉල්ලමින්.

ඒ අනුව සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.

ඊට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙකු අත්සන් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

(Neth)