Monday, February 09, 2026
Follow Us
බඩු මිල පාලනයට ගෙනාපු හදිසි නීතිය දැන් කෝ ? අර අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් දැන් කෝ ?? - මුජිබර්

රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ව්‍යාපාරිකයින් විසින් නියම කරන තත්වයකට පත්වන්නේ නම් රටට ආණ්ඩුවකින් ඵලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

"දැන් ව්‍යාපාරිකයින් මේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නියම කරන තත්වයට පත්වෙනවා නම් ආණ්ඩුවක් වැඩක් නෑනෙ .... හදිසි නීතිය දැම්මා මේ මිල පාලනය කරන්නයි කියලා. දැන් කෝ ඒ හදිසි නීතිය ? කෝ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ?

පාරිභෝගික අධිකාරියේ පනත් සංශෝධනයක් ගෙනාවා. භාණ්ඩවල මිල නියම කරලා තිබෙද්දී වැඩි ගණන් වලට විකුණනවා නම් දඩයක් ගහන්න සංශෝධනයක් ගෙනාවා. දැන් ඒකත් අකුලාගන්න තත්වයකට ගිහිල්ලා තියෙන්නෙ"

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)