Monday, February 09, 2026
Follow Us
රිෂාඩ් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස කිහිපයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මීට අමතරව ඔහුගේ නිවසේ සේවය කරමින් සිටි දැරියක් පිලිස්සී‍ මියයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ සැකකරුවෙකු ලෙසද බදියුදීන් මහතා නම්කර තිබෙනවා.

(LNW)