Monday, February 09, 2026
Follow Us
කෙරවලපිටිය ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ කුඩා පක්ෂ අද ගම්මන්පිලගේ නිවසට රැස්වේ

ආන්දෝලනාත්මක කෙවරලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂ අද (06) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම රැස්වීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී පැවැත්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම කෙරවලපිටිය ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුඩා පක්ෂ මීට පෙර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී රැස්ව සාකච්ඡා කර තිබුණු අතර ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි.

(LNW)