Monday, February 09, 2026
Follow Us
ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව නව පනත මඟින් ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුලු කරුණු රැසක් යෝජනා කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

(Neth)