Monday, February 09, 2026
Follow Us
පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

මන්ත්‍රී සමග සිටි අනෙක් අය පැන දුවයි


ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, ගයාන් මේනුක දිසානායක නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමග සිටි අනෙකු පුද්ගලයන් පැන ගොස් තිබෙන අතර ඔහු පැමිණි මෝටර් රථය, ස්කෑනර් යන්ත්‍රයක් හා කලු ගල් විදීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනිණ.

සැකකරු ඊයේ(05) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇති අතර මේ පිළිබඳ නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවිමට නියමිතයි.

(Aruna)