Monday, February 09, 2026
Follow Us
කොමියුනිස්ට් පක්ෂයේ බලාපොරොත්තුව

ආන්දෝලනාත්මක කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කඩිනමින් දිනයක් ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.

එම බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සිය විරෝධය පළ කළා.

අමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිවයිනට පැමිණී අතර ජනාධිපතිවරයා කඩිනමින් ඒ සඳහා දිනයක් ලබාදෙනු ඇති බවයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.

 

(Neth)