Monday, February 09, 2026
Follow Us
සජබේ බෙදීම ගැන කිරි ඇල්ල කියයි

රටේ ප්‍රශ්න වහගන්න ආණ්ඩුව කරන අලුත්ම වැඩේ ගැන අනාවරණයක්


රටේ ප්‍රශ්න වසන් කර ගැනීම සඳහා විපක්ෂයේ බෙදීමක් ඇති බව මවා පෑමට ආණ්ඩුව උත්සාහ කරන බවත් සමගි ජන බලවේගයේ කිසිදු බෙදීමක් නැති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුව දුර්වල වී විපක්ෂය ශක්තිමත් වනවාට බියෙන් හැට නම ලක්ෂය රැක ගැනීම සඳහා ආණ්ඩුව අද විපක්ෂයට නොයෙකුත් චෝදනා එල්ල කරමින් සිටින බව හෙතෙම කියයි.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට විශාල ග්‍රාමීය පිළිගැනීමක් තිබෙන බවත් බොරු අවලාද මගින් එම පිළිගැනීම නැති කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහාන් කරයි.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ වෙබ් අඩවියක් හා කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

(Aruna)