Monday, February 09, 2026
Follow Us
පාර්ලිමේන්තු කාරකසභා කිහිපයක් රැස්වේ

එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.

මේ අනුව ඔක්තෝබර් 4 වැනිදා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවත්, එළැඹෙන 6 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවත් රැස්වීමට නියමිතය.

තවද දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔක්තෝබර් 5 වැනිදා රැස් වීමට නියමිත අතර මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔක්තෝබර් 7 සහ 8 යන දින දෙකේදීම රැස්වීම්ට නියමිතව ඇත.

මීට අමතරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 5 වැනි දින රැස්වීම්ට නියමිතව තිබේ. නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ පාර්ලිමේන්තු කාරකසභා රැස්වීම් පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

(news.lk)