Monday, February 09, 2026
Follow Us
හරීන් ප්‍රනාන්දු දැඩිසත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි

හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා‍ගේ තත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව වාර්තා වේ. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී ඔහු මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.

මීට මාස කිහිපයකට ඉහතදී හෘද සැත්කමකට භාජනය වූ හරීන් ප්‍රනාන්දු මහතාට පෙරේදා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබූ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුට කඩිනමින් තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(LNW)