Monday, February 09, 2026
Follow Us
අසාද් සාලි යලි රිමාන්ඩ්

මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඔක්තෝබර් මස 12 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

හිටපු ආණ්ඩුකාරවරයා මුදාහරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කරන ලැබුවා. ඒ ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ මෙම සිද්ධියට අදාළව නඩු පවරා ඇති බැවින්.

සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති බව නීතිපතිවරයා මීට පෙර දැනුම් දෙනු ලැබුවා.

මාර්තු මස 9 දා අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

(Neth)