Monday, February 09, 2026
Follow Us
රට සම්පුර්ණයෙන් විවෘත කිරීමත් සමග කැබිනට් සංශෝධනයක්

ලබන ඔක්තෝම්බර් මස 15 වෙනිදා වන විට රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී ඇති බව කණින් කොනින් වෙත වාර්තා වෙනවා. රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමත් සමගම කැබිනට් මණ්ඩලයේ ද වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වනවා.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව මෙම කැබිනට් සංශෝධනයට අකමැති වුවත්, මේ වන විට අගමැතිවරයා ද එයට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටින බවයි නෙත් එෆ් එම් කණින් කොනින් වෙත වාර්තා වෙන්නේ.

(Neth)