Monday, February 09, 2026
Follow Us
දේශපාලනේ අලුත්ම පෙරළියට බැසිල් හා හකීම් එක්වෙති

අලුත්ම එකතුව ගැන පාර්ලිමේන්තුවට කතානායක දන්වයි


ඡන්ද ක්‍රම සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුස්ලිම් කොංගස් නායක රාවුෆ් හකීම් අලුතින් පත් කර ඇත.

කතානායක වරයා මේ පිළිබඳ ඊයේ(22) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. ඒ අනුව මේ වනවිට මෙහි සාමාජික සංඛ්‍යාව 17ක් වේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහි සභාපති ලෙස කටයුතු කරයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ අරමුණු වේ.

(Aruna)