Monday, February 09, 2026
Follow Us
ආණ්ඩුවෙන් ඉවත් වනවාද? නැද්ද? තීරණය ගැන ඇමති විමල් කතා කරයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පකෂය, ජාතික නිදහස් පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියා.

කතාබහට ලක්ව ඇති කෙරවළපිටිය තාප බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

මෙම තීරණයට ඉකුත් දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය ද පළ කර තිබුණා.

මෙම අර්බුදයත් සමග ඔවුන් තිදෙනා ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද වාර්තා පළ වුණා.

(Neth)