Monday, February 09, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන චරිත මෙතෙක් හෙළිකරගෙන නෑ - පාඨලී

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන චරිත කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව ඊට සම්බන්ධ වෙනත් සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ.

(Neth)