Monday, February 09, 2026
Follow Us
අධ්‍යාපනයෙනුත් ආණ්ඩුව ෆේල් - සජිත්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතිහාසයේ අඳුරුතම යුගයකට මුහුණ දී සිටින බවද විපක්ෂ නායකයා පවසනවා.

ආණ්ඩුවේ අසමත්භාවය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ භුක්ති විඳි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිඳු ජනතාවගේ දරුවන් බැහැර කෙරෙමින් පවතින බවයි සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

(LNW)