Monday, February 09, 2026
Follow Us
ඇමති ලොහාන්ට තවත් දෙයක් නැති වෙයි ?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම


මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ බවය.
එබැවින් ඔහු වෙනත් ඇමති තනතුරක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට විශ්වාසනීය පුද්ගලයෙකු නොවන බව ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

(Aruna)